Monday, May 30, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 06

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Arduino Board එකට අදාල Drivers Install කර ගන්නා ආකාරයයි. මේ සදහා ඔබ Arduino Board එක USB කේබල් එක මගින් පරිගණකය හා සම්බන්ධ කල යුතුයි. ඉන් පසු My Computer අයිකන් එක රයිට් ක්ලික් කරකර ලැබෙන මෙනුවේ Properties ක්ලික් කරන්න. එවිට පහත පරිදි සිස්ටම් වින්ඩෝ එක Open වේවි.


දැන් එහි Hardware යන්න ක්ලික් කරන්න. එවිට පහත වින්ඩෝ එක Open වනු ඇත. දැන් එහි ඇති Device Manager යන්න ක්ලික් කරන්න.


එවිට Device Manager වින්ඩෝව Open වන අතර, පහත පෙන්වා ඇති පරිදි, Arduino Uno ලෙස සදහන් ස්ථානය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවේ Update Driver යන්න ක්ලික් කරන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝ එකෙන් Browse ක්ලික් කර ඔබගේ පරිගණකයේ Program Files වල Arduino ෆයිල් එක තුල ඇති Drivers ක්ලික් කර Browse කර Install කරගන්න. ඊලග පාඩමෙන් Software Settings සකසන ආකාරය බලාපොරොත්තුවන්න.

Sunday, May 29, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 05

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Arduino Board එකට අදාල Software එක Download කරගෙන Install කරගන්නා ආකාරයයි. ඒ සදහා ම පහතින් පෙන්වා ඇති ලින්ක් එක ක්ලික් කර Arduino වෙබ් අඩවියට පිවිසෙන්න.




 www.arduino.cc/en/main/software 
  ඉන්පසු පහත පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.


Software එක Download වූ පසු, පරිගණකයේ Download ෆෝල්ඩරයේ ඇති Arduino ෆයිල් එක Double ක්ලික් කර Arduino Software එක Install කර ගන්න. ඉන්පසු පහත පෙන්වා ඇති ආකාරයට Desktop එකේ ඇති Arduino අයිකනය ක්ලික් කර Software එක ඕපන් කරගත හැක.
Arduino Board එකට අදාල Drivers Install කරගන්නා ආකාරය ඊලග පාඩමෙන් බලාපොරොත්තු වන්න.    

Saturday, May 28, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 04

පහතින් ඉදිරිපත් කර ඇති රූපයෙන් Arduino Board එකක කොටස් හදුන්වාදී තිබෙනවා. අප Arduino Board එක USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කලවිට පරිගණකයෙන් යම් වැඩසටහනක් Arduino Board එකට ඇතුලත් කිරීම USB කේබලය හරහා සිදුවන අතරම, Arduino Board එකට විදුලිය සැපයීමද USB කේබලය හරහාම සිදුවේ. Arduino Board එකට යම් වැඩසටහනක් ඇතුලත් කල පසු USB කේබලය ගලවා, Arduino Board එකට පිටතින් විදුලිය සැපයීමට ඔබට අවශ්‍ය නම්, Arduino Board එකේ ඇති DC Power Socket එකට පිටතින් විදුලිය සැපයිය හැක. 7v සිට 12v දක්වා වූ වෝල්ටීයතාවයක් මෙයට ලබාදිය හැක. 
















Arduino Board එකට USB කේබලය හරහා පරිගණකයෙන් හෝ පිටතින් විදුලිය සැපයු විගස, Arduino Board එක මත ඇති කොළ පැහැති Led බල්බයක් දැල්වෙන අතර එය Arduino Board එක නිසිආකාරයෙන් ක්‍රියාකරන බව තහවුරු කරන අතර, Arduino Board එක මත කහ පැහැති Led බල්බයක් නිවෙමින් දැල්වෙමින්, Arduino Board එකේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තහවුරු කරයි. Arduino Board එක මත ඇති අනෙකුත් අයිතමයන් පිළිබදව ඉදිරියේදී  ඒවා භාවිතා කරන අවස්ථාවන් වලදී ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන අතර, ඊලග පාඩමෙන් Arduino Board එකට අදාල Software එක Download කර Install කරන ආකාරය ඉදිරිපත් කරමි. 

Thursday, May 26, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 02

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් බෝර්ඩ් වර්ග කීපයක් ඇති නිසා, ආඩුඊනෝ UNO වර්ගයේ බෝර්ඩ් එකක් මිලට ගැනීමට ඔබ මතක තබාගත යුතු වනවා. මෙම ආඩුඊනෝ UNO වර්ගයේ බෝර්ඩ් එකක් රු.1150 පමණ මුදලකට ඔබට මිලට ගත  හැකි වනවා. තවද, මෙම බෝර්ඩ් එක මිලට ගන්න විට USB කේබල් එකද ඔබට ලබා දෙනවා.


ඒවාගේම බ්‍රෙඩ් බෝර්ඩ් එක මිලට ගැනීමේදී, උසස්  තත්වයේ බ්‍රෙඩ් බෝර්ඩ් එකක් මිලට ගැනීමට ඔබ උත්සුක විය යුතුයි. ඉතාමත්  උසස්  තත්වයේ බ්‍රෙඩ් බෝර්ඩ් එකක් රු. 390 පමණ ඔබට මිලට ගත  හැකි වනවා.  අවශ්‍ය වන Jumper Cable 40 පමණ අඩංගු බන්ඩලයක් රු. 200 පමණ මුදලකට ඔබට මිලට ගත  හැකි වනවා. ඉතින් අපට මෙම කාර්ය ආරම්භ කිරීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙම උපාංග ටික තමයි. මෙම සියලුම උපාංග, දිවයිනේ ප්‍රධාන නගර වල ඇති ප්‍රමුඛ පෙලේ ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ඔබට මිලට ගත හැකි වනවා ඇති. ඒවගේම පිටකොටුවේ Unitech Trading ආයතනයෙන්ද මෙම උපාංග මිලට ගත හැක.

Unitech Trading (pvt) Ltd,
No. 15,
1st Cross Street,
Colombo 11.
Tel..011 2334100, 011 2395847, 011 4736590

 තවත් කොටසක් බලාපොරොත්තු වන්න.
 

Wednesday, May 25, 2016

ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 01

මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කරමින් යම් යම් දේ අත්හදා බැලීමට වර්තමානයේ බොහෝ දෙනෙකුට විශාල උනන්දුවක් ඇතිවී තිබේ. අතීතයේ මෙය තරමක් සංකීර්ණ කාරණයක් වුවද, ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් ක්‍රමය පැමිණීමත් සමග මෙය පහසු කටයුත්තක් වී තිබේ. ඉතින් නිරන්තරයෙන්ම නවතම තාක්‍ෂණික දැනුමෙන් සැමදාමත් ඔබව පෝෂණය කල Prestar වෙබ් අඩවිය, ලංකාවේ පළමු වතාවට ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම, පාඩම් මාලාව මෙසේ ආරම්භ කළෙමු.

 මයික්‍රො කන්ට්‍රෝලර්  එකක් යනු කුමක්ද?

මයික්‍රො කන්ට්‍රෝලර්  එකක් යනු, ප්‍රොසෙසරයක්, රැම් එකක්,මෙමරි උපාංගයක්, Clock එකක් සහ කන්ට්‍රෝල් යුනිට් එකකින් සමන්විත ඒකකයකි. පරිගණක වැඩසටහනකින් ලබා දෙන විදානයන්ට අනුව,  මෙම මයික්‍රො කන්ට්‍රෝලර් ක්‍රියාත්මක කල හැක.

කර්මාන්ත ශාලා තුල ඇති යන්ත්‍ර සුත්‍ර, වාහන, රොබෝ යන්ත්‍ර,ගුවන් යානා ආදියෙහි යම් යම් කාර්යන් ස්වයන්ක්‍රියව සිදුවන්නේ මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතයෙනි. තවද, අප නිවසේ එදිනෙදා භාවිතා කරන, වොෂින් මැෂින්, මයික්‍රෝවේව් අවන්, ශීතකරණ ආදියේත් ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වය ඇතිකර තිබෙන්නේ, මෙම  මයික්‍රො කන්ට්‍රෝලර් ආධාරයෙනි. තවද, ෆැක්ස් යන්ත්‍ර, ප්‍රින්ටර්ස්, ස්කෑනර්ස් සහ සෙල්ලම් බඩු ආදියෙහි ද මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතාවේ. ඉතාමත් සරලව කිවහොත් ස්වයං ක්‍රියාකාරිත්වයක් සහිත ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක මෙම මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතා වේ.

 අවශ්‍ය උපාංග...

(1) Arduino Board එකක් (uno වර්ගයේ)

(2) USB Cable එකක්.

(3) Bred Board එකක්.

(4) Jumper Cable කිහිපයක්.

                      තවත් කොටසක් බලාපොරොත්තු වන්න.

Saturday, May 21, 2016

මිහිරි නාද දෙන පරිපථ හදමු..

ඔබට ඉතා පහසුවෙන් සකසා ගත හැකි පරිපත කීපයක් මම අද ඔබට ඉදිරිපත් කරනවා..වෙරෝ බෝර්ඩ් වල හෝ බ්‍රෙඩ් බෝර්ඩ් වල උනත් මේවා අත්හදා බලන්න පුළුවන්..








Tuesday, May 10, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්‍ෂණ දැනුම (6)

පසුගිය පාඩමෙන් මම ඔබට කියල දුන්නා, ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit පිලිබදව. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත  Driver Unit පිලිබදවයි. ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit මිලදී ගන්න විට, අපට අවශ්‍ය වොට් ප්‍රමාණයක Driver Unit එකක් මිලට  යුතු වනවා. එහෙත් ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත  Driver Unit එකක් අප මිලට ගත්විට, එහි වොට් ප්‍රමාණය අපට කැමති පරිදි වෙනස් කරගැනීමට එහි Selector Switch එකක් තිබෙනවා. එම නිසා අපට අවශ්‍ය වොට් ප්‍රමාණයට Selector Switch එක සකසා තැබිය හැකියි. පහත දැක්වෙන්නේ, ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත  Driver Unit එකකි.


දැන් වඩාත් පැහැදිලිව ඔබ තේරුම් ගන්නට ඇති, Selector Switch එක මගින්, අපට අවශ්‍ය පරිදි වොට් ගණන  සකසා හත හැකි බව. ඇම්ප්ලිෆයරයේ සිට එන වයර් දෙක සවි වීමට, ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit වල ටර්මිනල් දෙකක් තිබුනද, ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත  Driver Unit වල එසේ ටර්මිනල් දෙකක් නැත. ඒ සදහා වයර් දෙක පිටතට තබා ඇත. එම වයර් දෙක ඇම්ප්ලිෆයරයේ සිට එන වයර් දෙකට සවිකළ යුතුවේ. ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit එක මෙන්ම මෙයද, Reflex Horn එකට ත්‍රෙඩ් මගින් සවි කල හැක.  

Sunday, May 8, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්‍ෂණ දැනුම (5)

Reflex Horn එකට සවි කරන Driver Unit වර්ග දෙකකි. එනම් ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit  සහ ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත Driver Unit වශයෙනි. අප මුලින්ම ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit ගැන ඉගෙනගමු. සාමාන්‍යයෙන් ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit, 35w , 40w , 60w ආදී වොට් ප්‍රමාණයන්ගෙන් මිලදී  අතර, මෙම සෑම Driver Unit එකකම ඉම්පීඩන්ස් එක ඔම්ස් 16 වේ. පහත දැක්වෙන්නේ ලයින් ට්‍රාන්ස්ෆෝමරය රහිත Driver Unit එකකි.

 එහි + ලකුණින් පෙන්වා ඇති ටර්මිනල් එක අම්ප්ලිෆයර් එකේ සිට එන + වයරය සවිවන ටර්මිනල් එකයි. එහි - ලකුණින් පෙන්වා ඇති ටර්මිනල් එක අම්ප්ලිෆයර් එකේ සිට එන - වයරය සවිවන ටර්මිනල් එකයි. තවද පහතින් පෙන්වා ඇත්තේ, Driver Unit එක Reflex Horn එකට සවිකරන ආකාරයයි. එනම් Driver Unit එකේ A යනුවෙන් පෙන්වා ඇති ත්‍රෙඩ් සහිත කොටස, Reflex Horn එකේ A යනුවෙන් පෙන්වා ඇති සිදුරට  ත්‍රෙඩ් කරකවා සවිකරගත යුතුවේ. ලයින් ට්‍රාන්ස්ෆෝමරය සහිත Driver Unit ගැන ඊලග පාඩමෙන් ඔබට කියා දීමට බලාපොරොත්තු වෙමි.


Sunday, May 1, 2016

මහජන ඇමතුම් පද්ධති සැපයීමේ ව්‍යාපාරයක් සදහා තාක්‍ෂණ දැනුම (4)

මෙම පාඩම් මාලාවෙන් මිට ඉහතදී මම ඔබට ඉදිරිපත් කලා, මයික් පිලිබදවත්, මයික් වයර් පිලිබදවත්, මයික් වයර් සදහා භාවිතා වන කනෙක්ටර්ස් පිලිබදවත්. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ Reflex Horns පිලිබදවයි. මෙම Reflex Horns ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වනවා.. එනම් Reflex Horn එක සහ ඊට අදාල Driver Unit එක වශයෙන්. මා පහතින් ඉදිරිපත් කර ඇති රුපය මගින් ඔබට එය වඩාත් හොදින් තේරුම් ගැනීමට හැකිවේවි.

පහත රුප දෙකේ ආකාරයට, මෙම Reflex Horn සහ ඊට අදාල Driver Unit වෙන වෙනම ඔබට මිලදී ගැනීමට සිදුවන අතර, Driver Unit එක, Reflex Horn එකේ පිටුපසට සවිකරගත යුතුයි. ඒ සදහා අවශ්‍ය ඇන මුරිච්චි ආදිය සහ සවිකරන ආකාරය අඩංගු උපදෙස් පත්‍රිකාවක්ද , Driver Unit එක මිලදී ගැනීමේදී ඔබට ලැබෙනු ඇත. එය ඉතා සරල කටයුත්තකි. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ, ඔබ Ahuja වර්ගයේ Reflex Horn එකක් මිලට ගන්නේනම්, එම Reflex Horn එකට සවිකළ   හැකි  Ahuja වර්ගයේම Driver Unit එකක් ගත  යුතුයි. ඔබ Toa වර්ගයේ Reflex Horn එකක් මිලට ගන්නේනම්, එම Reflex Horn එකට සවිකළ  හැකි  Toa  වර්ගයේම Driver Unit එකක් ගත   යුතුයි. මෙම Driver Unit විවිධ වොට් ප්‍රමාණයන්ගෙන් ඇති අතර, ඒවා පිලිබදව ඊලග පාඩමෙන් ඔබට කියා දෙන්නෙමු. 
Reflex Horn

Driver Unit