Saturday, February 27, 2016

Chrome browser එකේ ගැටලුවට විසදුම

ගූගල් සමාගම කෙතරම් දියුණු එකක් වුනත් පසුගිය දිනවල පටන් Chrome වෙබ් බ්‍රවුසර් එකේ සිංහල අකුරු වල ටිකක් වෙනසක් පෙන්වනවා ඔබ අත්දකින්නට ඇති.සමහර වචන කියවන්න වෙන්නේ ගැටගහලා තමයි.ව්‍යාපාර, ශක්‍යතාව මේ වචන පෙන්නේ ටිකක් වෙනස් වෙලා.මෙය වෙබ් බ්‍රවුසර් එක යාවත්කාලීන කරන විට සිදුවූ යම් තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූ බවයි කියවෙන්නේ..ඉතින් එම දෝෂය සොයා ඔවුන් එය නිවැරදි කරන තුරු ඔබට පැරණි Chrome  සංස්කරනයක් Download කරගෙන භාවිතා කරන්න පුළුවන්.මම පහතින් දාල තියෙන ලින්ක් එකෙන් ඒවා බා ගන්න.එවිට කිසිම අවුලක් නැතිව සිංහල යුනිකෝඩ් අකුරු පෙනේවි.


Windows මෙහෙයුම් පත්ධති වලට මෙය ගැලපෙනවා..ඔබට ගැලපෙන එක තෝරා ගන්න.

Tuesday, February 16, 2016

නොමිලේ ෆැක්ස් පණිවිඩ යවන හැටි

ඔබ ෆැක්ස් පණිවිඩයක් යවන විට අනිවාර්යයෙන් මුදල් ගෙවීමට සිදුවෙනවා..ගෙදර ෆැක්ස් යන්ත්‍රයක් නැතිනම් communication එකකට ගිහින් තමයි යවන්න වෙන්නේ..මම අද ඔබ ඒ කරදරයෙනුත් නිදහස් කරනවා.මෙන්න ගෙදර ඉඳලම නොමිලේ ෆැක්ස් යවන්න ක්‍රමයක්.ඔය ගොල්ලන්ට තියෙන්නේ මෙතනින් ගිහින් myfax.com හි ලියාපදිංචි වෙලා හිතේ හැටියට ලෝකයේ ඕනෑම තැනකට අන්තර්ජාලය හරහා ෆැක්ස් යවන එකයි.ඔබට මාසයකට ෆැක්ස් පණිවිඩ සියයක් යවන්නටත් දෙසීයක් ලබාගන්නටත් පුළුවන්.
 තීන්ත,ෆැක්ස් යන්ත්‍ර අවශ්‍ය නැති නිසා වැඩේ වාසියි.ඔබට ලැබෙන්නේ පරික්ෂාකිරීමේ සංස්කරණයක්.වැඩේ අල්ලලා යනවා නම් මුදල් ගෙවා සම්පුර්ණ සංස්කරණයම මිලදී ගන්න පුළුවන්..නැතිනම් මාසෙකට පස්සේ ඔබේ පරිගණකයේ IP ලිපිනය වෙනස් කර අලුත් ගිණුමක් සාදාගන්න.යලිත් නව ගිණුමක් සාදා ගැනීමට පෙර ඔබේ වෙබ් බ්‍රවුසරයේ කුකීස් තිතටම මකා දමන්න.නැතිනම් බ්‍රවුසරය මාරු කරන්නත් අමතක කරන්න එපා.

Thursday, February 11, 2016

පරිගණකයක් මිලදී ගන්නට පෙර ඔබ දත යුතු මුලික දේ.....

නෑම භාණ්ඩයක් මිලදී ගන්නට යාමේදී එහි තත්ත්ව ය ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්නක්‌ මෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී ද අප දෙවරක් සිතා බැලිය යුතුය.මන්ද යත් අපගේ අවශ්‍ය තාවයට නොගැලපෙන හෝ දෝෂ සහිත පරිගණක අප මිල දී ගතහැකි බැවිනි.එනිසා පහත උපදෙස් පරිගණකයක් මිලදී ගැනීමේදී වැදගත්වනු ඇත.

1.තමන් වැඩ කෙරීමට දන්නා මෙහෙයුම් පදතියක් අතුලු කළහැකි  එකක්වීම.
2.අලුත් එකක් ද පැරණි එකෙක් ද යන වග.
3.අවශ්‍ය වන්නේ ලැප්ටොප් එකක් ද ඩෙක්ස්ටොප් එකක් ද යන්න.
4.තමන්ගේ අවශ්‍ය වැඩකටයුතු අනුව තොර ගැනීම.
තමන් වැඩකරන මෙහෙයුම් පද්දතිය අනුව තොර ගැනීම්.

 widows Xp සඳහා තෝරාගන්න පරිගනකයක තිබිය යුතු අංග.
1.ප්‍රොසෙසරයේ වේගය අවම වශයෙන් 300MHz වත් විය යුතුය.
2.Ram ඒක 128MB හෝ ඊට වැඩි වීම.
3.4GB ට වැඩි දෘඩ තැටියක් සහිත වීම.
4.CD හෝ DVD දාවකයක් තිබීම.
මෙවැනි අඩු පහසුකම් ඇති නව පරිගණක නැති අතර භාවිතා කල පරිගණක මිලදීගත හැකිය,

windows vista/windows seven සඳහා තිබිය යුතු අංග.
1.ප්‍රොසෙසරය අවම ලෙස 1GB විය යුතුය.
2.Ram ඒක 1GB හෝ ඊට වැඩි වීම.
3.40GB ට වැඩි දෘඩ තැටියක් සහිත වීම.
4.128MB හෝ ඊට වැඩි ග්‍රැෆික් කාඩ් එකක් තිබීම.
5.DVD දාවකය තිබීම්.

Friday, February 5, 2016

වාහන දුම් පරික්ෂාවට අදාල සියලුම තොරතුරු , ඔබත් දැන්ම දැන ගන්න.

* මේ පහලින් තියේන්නේ Drive Green එකේ හා Laugfs Eco Sri එකේ Official Web Sites.
#. Drive Green - Official Web Site. 

#. Laugfs Eco Sri - Official Web Site.

* මේ පහල ලින්ක් එකේන් ගිහින් , Drive Green ආයතනයේදි ඔබේ වාහනයේ දුම් පරික්ෂාවට වැයවන මුදල් ප්‍රමාණය ගැන දැන ගන්න පුලුවන්.
#. Drive Green - Emission Test Price List.

* මේ තියේන්නේ Drive Green ආයතනයේ දුරකතන අංකය - 0117 444 444
Drive Green ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

* මේ තියේන්නේ Laugfs Eco Sri ආයතනයේ දුරකතන අංකය - 094 11 7770 770
Laugfs Eco Sri ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත , ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා. 

එයාලගේ රිපෝට් එකේ තියන විශේෂ දෙයක් තමයි ඉන්ධන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. 

ඒවගේ සුහදශීලී සේවාවක් තියනවා. අනිත් හැම තැනමත් එහ්ම වෙන්න ඇති කියල හිතනව. :D
මේ පොස්ට් එකේ කියල තියේන්නේ Petrol කාර් එකකට අදාල විස්තර කිරිම්.

දැන් බලමු මොනවද මේකෙ මේ තියන දේවල් කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් අංක දාලා තියනවා කියලා. මේ අංක වලට අදාල සියලුම විස්තර කිරිම් , මේ පහලින් තියේනව.
 මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. 
අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ. 

ඉහලින් තියේන රුපයේ අංක වලට අදාල තොරතුරු , මේ පහලින් විස්තර කරල තියේනව.

1. ) HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල්. ( හයිඩ්‍රොකාබන් )
මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි.

2. ) C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ්. 
මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම. 

3. ) LAMBDA - මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය.
මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ. 

4. ) O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

5. ) CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

6. ) OVERALL RESULT - මේ පරික්ෂණයේන් , ඔබේ වාහනය සමත්ද නැද්ද කියන එක.

7. ) Estimated Fuel Wastage - මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවාඅඩුම තරමේ පිනක් වත් වෙනවනේ.ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන 1100 නිකරුනේ අපතෙ යන්නෙ නෑ. 

මම මෙතනදි දැම්මේ පැට්‍රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකය වෙනස්.