Saturday, November 21, 2015

ප්‍රින්ටඩ් බෝඩ් නිර්මාණය....

ඉදිරියේදී මෙම වෙබ් අඩවිය මගින්, ගුවන් විදුලි තරංග ආශ්‍රිත පරිපත බොහොමයක් ඔබට ඉදිරිපත් කිරීමට පෙළගස්වා  තිබෙනවා. ඉතින් එම පරිපථ කලින් අපි සාදන ලද පරිපථ මෙන් කම්බි අමුණා සාදන්න හැකියාවක් නැහැ. ගුවන් විදුලි තරංග ආශ්‍රිත පරිපත කම්බි අමුණා සෑදුව විට එම කම්බි අතරත් සිදුවන සංක්යතා වෙනස්වීම් ඇතිවන නිසා එම පරිපථයේ නියම ක්‍රියාකාරිත්වය අපට ලබාගන්නට බැහැ.එම නිසා ඒවා අනිවාර්යෙන්ම ප්‍රින්ටඩ් බෝඩ් මත සෑදිය යුතු වනවා..ඉතින් නිවසේදී ප්‍රින්ටඩ් බෝඩ් නිර්මාණය පහසු කාර්යක් නොවුනත් ප්‍රින්ටඩ් බෝඩ් එකක් මගින් අප බලාපොරොත්තු වන කාර්ය සිදු කර ගැනීමට හැකිවන පරිදි පහසුවෙන් ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදාගන්නා ආකාරය මම ඔබට ඉදරිපත් කරනවා. ඒසදහා ඔබ පහතින් ඉදිරිපත් කර ඇති අයිතමයන් සපයාගත යුතු වනවා.

 (1) කොපර් බෝඩ් එකක්.(2'' x 4'')
 (2) ස්ටිකර් කොලයක්. (2'' x 4'')


(3) ෆෙරික් ක්ලෝරයිඩ් ග්‍රෑම් 100


(4) තනි සිදුරේ පන්චර් එකක්.
 (5) විදුලියෙන් හෝ අතින් ක්‍රියා කරන PCB ඩ්‍රිල් එකක්.

Hand Drill


Electric Drill
දැන් ඔබට ගැටළුවක් ඇති මම ඉහතින් ඉදිරිපත් කර ඇති අයිතමයන් මිලදී ගත හැකි ස්ථාන පිලිබදව. එහි දක්වා ඇති කොපර් බෝඩ් ප්‍රධාන නගරවල ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින් ඔබට ලබාගැනීමට පුළුවන්. එම අයිතමයන් වල සදහන් ස්ටිකර් කොළ ඔබට මිලදී ගැනීමට හැකි වන්නේ දැන්වීම් ප්‍රචාරණ අමු ද්‍රව්‍ය විකුණන වෙළද සල් වලින් තමයි. නැතිනම් වෙනත් හොද ගම් එකක් සහිත ස්ටිකරයක් වුවද ඔබට භාවිතා කිරීමට පුලුවන්. ඒ වාගේම තනි සිදුරේ පන්චර් එක, ප්‍රධාන නගරවල ඇති ප්‍රධාන පෙලේ පොත් සාප්පු වලින් ඔබට මිලදී ගන්න පුලුවන්. තවද කොපර් බෝඩ් වල සිදුරු විදීම සදහා යොදාගන්නා හෑන්ඩ් ඩ්‍රිල් එක හෝ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එක පිටකොටුවේ පළමු හරස් විදියේ ඇති ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ඔබට මිලදී ගන්න පුළුවන්. 

ඔබ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් මිලදී ගන්නේ නම් ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකට විදුලිය සැපයීම සදහා පහතින් පෙන්වා ඇත ආකාරයේ පවර් පැක් එකක්ද ඒ සමගම මිලදී ගත යුතුයි. තවද,ඔබ කුමන ඩ්‍රිල් එකක් මිලදී ගත්තද ඒ සදහා ඩ්‍රිල් කටුවකුත් මිලට ගතයුතු වේ.
ඉතින් රේඩියෝ තරංග ආශ්‍රිත පරිපතයන්ට යාමට කලින් ප්‍රින්ටඩ් බෝඩ් සෑදීම අත්හදාබැලිම සදහා මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල Led බල්බ් දෙකක Automatic පරිපථයක් සදහා  ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදන ආකාරයයි. පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ එම පරිපතයයි.

ඉහතින් ඉදිරිපත් කරන ලද Led පරිපථය සදහා ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදන ආකාරය මම ඔබට හෙට දිනයේ  ඉදිරිපත් කරන අතර ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය පිළිබද අදහසක් ගැනීම සදහා පහතින් ඉදිරිපත්කර ඇති  වීඩියෝව බලන්න. මවිසින් ඔබට ඉදිරිපත් කරන්නේ එම ක්‍රමය නොවන අතර, ප්‍රින්ටඩ් බෝඩ් සෑදීමේදී සිදුවන කාර්ය පිළිබද ඔබට
 දැනුමක් ලබාගත හැකි වේවි.
 

 ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය (Video Lesson 01)


 

ප්‍රින්ටඩ් බෝඩ් සාදන ආකාරය (Video Lesson 02)


 

100K
470 Ohms

Friday, November 20, 2015

ස්පීකරය ක්‍රියා කරන හැටි...

ස්පීකරය යනු  ඉතා සුලභ උපාංගයක්.ඉතා කුඩා රේඩියෝවේ වේ සිට hi fi සෙටප් දක්වා මෙහි කාර්ය විකෂනය වී තිබෙනවා. අප මේවා භාවිතා කරනවා සේම ඒවා ක්‍රියාකරන ආකාරය පිලිබදවත්දැන  සිටීම ඉතාමත් වැදගත්. ඉතින් පහතින් මම ඔබට ඉදිරිපත් කර තිබෙනවා, ස්පිකරයක ක්‍රියාකාරිත්වය පිළිබද ඔබට ඉතා හොදින් තේරුම් ගැනීමට හැකිවන සේ ස්පිකරයක හරස්කඩක්...


රූපයේ ආකාරයට, ඕනෑම ස්පිකරයක ක්‍රියාකාරිත්වයේ මුලික පදනම වන්නේ, ස්ථිර චුම්බකයක් කේන්ද්‍ර කොට ගෙන, කඩදාසි සිලින්ඩරයක් වටා ඔතන ලද, කොයිලයක් විද්‍යුත් බලය අනුව ඉහල පහල චලනය වීමයි. එම කොයිලය ඔතන ලද කඩදාසි සිලින්ඩරයේ ඉහල කෙලවර Cone එකට  සම්බන්ධ කර ඇත.ඕනෑම ස්පිකරයක වයර් සවි කරන  ස්ථානය වන්නේ මෙම කොයිලයේ දෙකෙලවරයි

Speaker Coils
 

Thursday, November 19, 2015

දැන් Google Map එකෙන්, පාරේ ට්‍රැෆික් සජීවීව බලාගන්නත් පුළුවන්.

යම් කෙනෙකු වාහනයක  ගමන් කරන විට Google මැප්  එක ඔස්සේ, තමන් ගමන් කලයුතු මාර්ගය සහ ,ඊට ගතවන කාලය ආදී තොරතුරු ලබාගත හැකි බව බොහෝ දෙනෙකු දන්නා කාරණයක්. ඒවගේම එම තොරතුරු ලබා ගන්න බොහෝ පිරිසකුත්  සිටිනවා. ඉතින් Google Map එක ඔස්සේ, තමන් ගමන් කලයුතු මාර්ගය සහ ,ඊට ගතවන කාලය ආදී තොරතුරු ලබාගත හැකි වුවත්, මාර්ගවල වාහන තද බදය ගැන තොරතුරු බලාගැනීමට මෙතෙක් කල් හැකියාවක් තිබුනේ නැහැ. නමුත් දැන් එම පහසුකම ඔබට අත්විදීමට පුළුවන්. මෙහිදී ට්‍රැෆික්  පාරවල් රතු පාටින් පෙන්වන අතර, ට්‍රැෆික් නැති පාරවල් කොළ පාටින් පෙන්වයි.

 මෙම Link එක ඔස්සේ මෙයට පිවිසිය හැක.


Sunday, November 15, 2015