Thursday, February 26, 2015

Led විදුලි බල්බ එකලස් කිරීම.

Led විදුලි බල්බ සදහා අද වෙළද පොලේ ඉතා අදික ඉල්ලුමක් පවතී. මෙයට හේතුව නම් CFL බල්බ වලටත් වඩා Led විදුලි බල්බ වල විදුලි පරිබෝජනය ඉතා අඩු මට්ටමක පැවතීමයි.ඉතින් ඔබේ නිවසට අවශ්‍ය Led විදුලි බල්බ ප්‍රමාණය ඔබටම එකලස් කර ගැනීමට හැකිනම් එය ආර්ථික වශයෙන් ලාභදායී මෙන්ම ඔබට යම් ආත්ම තෘප්තියක් ලැබිය හැකි කාරණයක්ද වනු ඇත.

තවද රැකියාවක් නොමැති කෙනෙකුට ස්වයං රැකියාවක් ලෙස Led විදුලි බල්බ එකලස් කිරීමේ කර්මාන්තය පටන් ගත හැකි වනවා සේම රැකියාවක් කරන කෙනෙකුට වුවද අමතර අදායම් මාර්ගයක් ලෙස මේ සදහා ප්‍රවිෂ්ඨ විය හැක.

Led විදුලි බල්බ එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග,එනම් බල්බ ආවරණයේ සිට සියලුම කොටස් දැන් අපට වෙළද පොලෙන් මිලදී ගත හැක.ඒ වගේම මෙම Led විදුලි බල්බ උපාංග  , ප්ලාස්ටික් ආවරණය සහිත බල්බ සහ ඇලුමිනියම් ආවරණය සහිත බල්බ ආදී වශයෙන් මිලට ගත හැක. ඒ වගේම මෙම  Led විදුලි බල්බ විවිධ වොට් ප්‍රමාණයන්ගෙන්, එනම් 3W ,5w ,7w ,9w ,12w ආදී වශයෙන් පවතී.

ඉතින්, ප්ලාස්ටික් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය සහ ඇලුමිනියම් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය යන ක්‍රම දෙකම පහතින් මම ඔබට ඉදිරිපත් කරමි.

ප්ලාස්ටික් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය










 ඇලුමිනියම් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය












 උපාංග මිලදී ගත හැකි ස්ථාන...

සාමාන්‍යයෙන් අඩුම මිලට උපාංග මිලදී ගත හැකිවන්නේ පිටකොටුවේ පළමු හරස් වීදියේ ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින් වන අතර ලංකාවේ ප්‍රධාන නගර වල ඇති  ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින්ද මෙම උපාංග මිලට ගත හැක. ඔබගේ පහසුව සදහා පිටකොටුවේ පළමු හරස් වීදියේ ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සැල් කිහිපයක ලිපිනයන් සහ දුරකථන අංක මා  පහතින් ඉදිරිපත් කරමි.

Digital Electronics,
First Floor ,
Wickrama Plaza Building ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2321710


Unitech Trading (pvt ) Ltd,
No. 15 ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2334100


Micro Electronics ,
No, 56,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2433549

Wednesday, February 25, 2015

තනි Led බල්බයක් 230v වලින් දල්වන ආකාරය...

අවශ්‍ය උපාංග

470K රෙසිස්ටර් 01
680 ඕම්ස් රෙසිස්ටර් 01
22uf  35v කන්ඩෙන්සර් 01
Diyak 01
IN  4007 ඩයෝඩ් 01
ඕනෑම වර්ණයක Led 01





Wednesday, February 11, 2015

එදිනෙදා අවශ්‍ය වන විදුලි කාර්මික ශිල්පයේ සාමාන්‍ය දැනීම - 01

ටියුබ් ලයිට් එකක ක්‍රියාකාරිත්වය සහ දෝෂ සෙවීම

අපි ඔබ කවුරුත් තමාගේ නිවෙස් වල හා කාර්යාලයේදීත් ඉතා බහුල වශයෙන් ටියුබ් ලයිට් (ප්‍රතිදීප්ත විදුලි පහන්)භාවිතා කරනවා.කාලයක් ගත වන විට මේ ටියුබ් ලයිට් වල ක්‍රියාකාරීත්වය අඩපණ වන එක සාමාන්‍ය දෙයක්.ඔබගේ නිවසේ ඇති සාමාන්‍ය විදුලි පහනක ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට ඔබට පුළුවන් අඩපණ වූ විදුලිපහන ඉවත් කොට එම ස්ථානයට වෙනත් විදුලි පහනක් යොදන්න.එහෙත් ඔබ නිවසේ ඇති ටියුබ් ලයිට් එකක ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත් ඔබ එක්  වරම ටියුබ් බල්බය මාරු කිරීමට පෙර දෙපාරක් සිතිය යුතු වනවා. එයට හේතුව තමයි ටියුබ් ලයිට් සෙට් එකක්  ටියුබ් බල්බයට අමතරව තව උපාංග දෙකකින් සමන්විත වීම. ඒ නිසා දෝෂය ඇත්තේ කුමන උපාංගයේද කියා ඔබට එක්වරම තීරණය කරන්නට බැහැ.සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක බොහෝවිට ඔබට සිදු වෙනවා විදුලි කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගැනීමට. එහෙත් ඇත්තටම ඔබටත් මෙය පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ කොහොමද කියල මම ඔබට කියල දෙන්නම්.මේ පහත තියෙන්නේ ටියුබ් ලයිට් සෙට් එකක උපාංග.

(1) Tube Light

(2) Choke

(3) Starter

ටියුබ් ලයිට් සෙට් එකක ඇති ඉහත උපාංග වයර් මගින් සම්බන්ධ කර ඇති ආකාරය පහත රුපයෙන් දිස්වේ.





ටියුබ් ලයිට් සෙට් එකක දෝෂ සෙවීම

ටියුබ් ලයිට් සෙට් එකක Choke එක පරීක්‍ෂා කිරීම.

ඉහත රුපයේ ආකාරයට choke එකේ සිට ටියුබ් එකට යන වයරය ගලවා ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය සපයා, රුපයේ ආකාරයට A යනුවෙන් සදහන් ස්ථානයට එනම් chock එකෙන් විදුලිය පිටවනවාදැයි ටෙස්ටරය තබා බලන්න.ටෙස්ටරය දල්වෙනවානම් chock එක හොද තත්වයේ පවතී.(ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය ලබා දීමේදී රුපයේ ආකාරයට Live වයරය Chock එකටද Nutral වයරය ටියුබ් එකටද වනසේ සවි විය යුතුයි)

ටියුබ් ලයිට් සෙට් එකක Starter  එක පරීක්‍ෂා කිරීම.
 ඉහත රුපයේ ආකාරයට starter එක ගලවා ඉවත්කර ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය ලබා දී එම A සහ B ස්ථාන දෙක වයර් කැබැල්ලකින් එක වරම ස්පාර්ක් කරන්න. ටියුබ් ලයිට් එක දැල්වෙනම් වරද Starter එකේය. ටියුබ් ලයිට් එක නොදැල්වෙනම් වරද ටියුබ් බල්බ් එකේය.