මුලින්ම සැටලයිට් රුපවාහිනී ක්‍රමය ක්‍රියාත්ම ක වෙන්නේ කොහොමද කියල දල අවබෝධයක් ලබා ගත්තොත් එය ගොඩක් වටිනා කාර්යක් වේවි කියල මම හිතනවා. සැටලයිට් තාක්ෂනය පිළිබද මුලික සිද්ධාන්ත සහ එම තාක්ෂණික තොරතුරු ඉතා පුළුල් පරාසයක විහිදෙන අතර එය ඉතා සංකීර්ණ කාර්යක් වනවා.එහෙත් මම මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ සැටලයිට් රුපවාහිනී ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද සරල අවබෝධයක් ලබාදීම සමග කෙසේද සැටලයිට් ඇන්ටනා පද්ධතියක් සවිකරගෙන රුපවාහිනී චැනල් නරබන්නේ කියලා....මම පහත ඉදිරිපත් කර ඇති රුපයෙන් සැටලයිට් රුපවාහිනී ක්‍රමය ක්‍රියාත්ම ක වෙන්නේ කොහොමද කියල දල අවබෝධයක් ඔබට ලබාගන්න පුළුවන්.
එම රුපයෙන් ඔබට පෙනෙනවා ඇති අභ්‍යවකාශයේ කක්ෂ ගත කර ඇති චන්ද්‍රිකාවක් වෙත පෘතුවිය මත ඇති රුපවාහිනී විකාශනාගාරයකින් රුපවාහිනී තරංග විකාශනය කරන ආකාරය සහ එම චන්ද්‍රිකාවෙන් නැවතත් එම රුපවාහිනී තරංග පෘතුවිය වෙත විසුරුවා හරින ආකාරයත්.ඉතින් චන්ද්‍රිකාවේ සිට පෘතුවියට ලැබෙන රුපවාහිනී තරංග අපගේ රූපවාහිනියෙන් නරබන්න යොදා ගන්න උපකරණ කට්ටලයට තම්යි අපි කියන්නේ සැටලයිට් ඇන්ටනා පද්ධතියක් එහෙමත් නැත නම් Satellite Antenna System එකක් කියල..
Satellite Antenna System එකකට අවශ්‍ය උපකරණ හා උපාංග.
(1) Ku බෑන්ඩ් සැටලයිට් ඇන්ටනා එකක්.
(2) Ku බෑන්ඩ් Lnbf එකක්.
(3) Ku බෑන්ඩ් Digital සැටලයිට් රිසීවර් එකක්.
(4) F Connector දෙකක්.
(5) 3c 2v හෝ 5c 2v ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
(6) Audio / Video කේබල් එකක්.මෙය Digital සැටලයිට් රිසීවරය මිලදී ගැනීමේදී ලැබෙනු ඇත.
(2) Ku බෑන්ඩ් Lnbf එකක්.
(3) Ku බෑන්ඩ් Digital සැටලයිට් රිසීවර් එකක්.
(4) F Connector දෙකක්.
(5) 3c 2v හෝ 5c 2v ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
(6) Audio / Video කේබල් එකක්.මෙය Digital සැටලයිට් රිසීවරය මිලදී ගැනීමේදී ලැබෙනු ඇත.
(1) Ku බෑන්ඩ් සැටලයිට් ඇන්ටනා එක
(2) Ku බෑන්ඩ් Lnbf එක
(3) Digital සැටලයිට් රිසීවර් එක
(4) F Connector
(5) 3c 2v හෝ 5c 2v ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
(6) Audio / Video කේබල් එක
මුලින්ම පහත රුප වල ආකාරයට ඇන්ටනා වයරයේ දෙකෙලවරට F Connector දෙක සවි කර ගන්න.
එනම් ඇන්ටනා වයරයේ වටේ කෙදි සහිත කොටස F Connector යේ බධට ගෑවෙන සේ හොදින් තද කරන්න. ඇන්ටනා වයරයේ මැද කම්බිය ටිකක් දිගට නිදහස්ව තබන්න.
දැන් පහත රුපයේ ආකාරයට ඇන්ටනා වයරයේ එක කෙළවරක් Lnbf එකටත් ඇන්ටනා වයරයේ අනෙක් කෙලවර Satellite Receiver එකේ IF Input ස්ථානයටත් ත්‍රෙඩ් මගින් සවි කරන්න.ඉන් පසු Audio / Video කේබල් එක ගෙන එක කෙළවරක ඇති කහ පාට ජැක් එක Satellite Receiver එකේ Video Out ස්ථානයටත් අනෙක් කෙලවරේ ඇති කහ පාට ජැක් එක TV එකේ ඇති Video In ස්ථානයටත් සවිකරන්න. Audio / Video කේබල් එකේ එක කෙළවරක ඇති රතු පාට සහ සුදු පාට ජැක් දෙක Satellite Receiver එකේ Audio Out R / L ස්ථාන දෙකටත් අනෙක් කෙලවරේ ඇති රතු පාට සහ සුදු පාට ජැක් දෙක TV එකේ Audio In R / L ස්ථාන දෙකටත් සවි කරන්න. දැන් අපි Satellite Antenna System එක සම්පුර්ණයෙන්ම සවි කර අවසන්.
සැටලයිට් රුපවාහිනී චැනල් නරබන ආකාරය......
මෙම සැටලයිට් ඇන්ටනා පද්ධතිය සවිකර ගැනීමෙන් පසු අපට නොමිලේ රුපවාහිනී චැනල් 40 කට වැඩ බැලීමේ හැකියාව ලබෙනු ඇත.අපට තරංග ලැබෙන්නේ ඉන්දියානු චන්ද්‍රිකාවක් වන Insat 4B නම් චන්ද්‍රිකාවෙනි.මෙම චන්ද්‍රිකාවේ තරංග ආවරණ කලාපයට අප රටද හසුවී ඇති ආකාරය පහත රුපයෙන් පෙනෙනු ඇත.මෙයට සැටලයිට් තාක්ෂණයේදී කියනු ලබන්නේ Satellite Foot Print යනුවෙනි.
මෙම චන්ද්‍රිකාව පිහිටා ඇත්තේ නැගෙනහිර සහ දකුණ අතරය.ප්‍රථමයෙන්ම ඔබගේ සැටලයිට් රිසිවරයට මෙම චන්ද්‍රිකාවට අදාල Frequency ලබාදිය යුතු අතර සැටලයිට් අන්ටනාවද හරියටම සැටලයිට් එකට එල්ල විය යුතු වෙයි.තවද සැටලයිට් එකට හරියටම සැටලයිට් ඇන්ටනාව එල්ල නොවුනහොත් ඔබට කිසිදු රුපවාහිනී චැනලයක් නොලැබෙනු ඇත.මෙය කොතරම් සංකීර්ණද කිව හොත් මිලිමිටරයක ප්‍රමාණයෙන් පවා මෙය වෙනස් වුවහොත් ඔබට කිසිදු රුපවාහිනී චැනලයක් නොලැබේ.
ඔබට දැනටමත් වැටහී ඇති ඔබේ සැටලයිට් ඇන්ටනාව වටේට කරකවියහැකි සේම එහි ආනතිය (Angle) එකද වෙනස් කල හැකි බව.ඔබගේ රිසිවරයට සැටලයිට් එකට අදාල Frequency ලබා දුන්නත් අපි කොහොමද සැටලයිට් රිසිවරය ටියුන් කරගෙන රුපවාහිනී චැනල් බලන්නේ... එක කරන්නේ මෙහෙමයි.මා ඔබට කිව්වා මෙම සැටලයිට් එක පිහිට තියෙන්නේ නැගෙනහිර සහ දකුණ අතර බව.දැන් ඔබ නැගෙනහිර දෙසට සැටලයිට් ඇන්ටනාව කරකවා හරවන්න.ඉන්පසු ඇන්ටනාව පහතටම ආනත කරන්න.දැන් රිසිවරය ටියුන් කරන්න.ඇන්ටනාව හරියටම සැටලයිට් එකට එල්ල වී ඇත්නම් ටියුන් වී අවසාන වූ පසු ඔබට TV චැනල් දිස්වනු ඇත.TV චැනල් දිස්නොවුනේ නම් මිලිමිටරයක් තරම ඇන්ටනාව උඩ අතට ආනත කරන්න.නැවතත් රිසිවරය ටියුන් කරන්න.මේ ආකාරයට ඔබට TV චැනල් දිස් වන තුරුම මෙම ක්‍රියාවලිය සිදු කල යුතුයි.මෙය පහසු කටයුත්තක් නොවන බව ඔබට දැන් මානව වැටහෙනු ඇත.නමුත් එක පහසුවෙන් කරගන්න විදිහ මම කියල දෙන්නම්.
ඒකට කරන්න තියෙන්නේ සුළු දෙයක්.ඔබ සැටලයිට් රිසිවරය මිලදී ගන්න විට එය ඉන්දියන් සැටලයිට් එකට ටියුන් කරලා දෙන්න කියල කියන්න.දැන් ඔබට ගැටළුවක් ඇති සැටලයිට් රිසිවරය මිලදී ගන්නේ කොහෙන්ද කියල...මෙම සැටලයිට් සිස්ටම් එකට අදාල සියලුම උපකරණ සහ උපාංග ඔබට පහත සදහන් ආයතනවලින් මිලදී ගන්න පුලුවන්.
New Cinta Trading (Pvt) Ltd ,
No 65/2, 1st cross Street,
Colombo 11.
Tel : 0112432184
Ukaaye Satellite Systems (Pvt)Ltd,
No.190.Gas Work Street,
Colombo 11.
Tel. 0112390814
මෙම ආයතනයෙන් මෙම සැටලයිට් සිස්ටම් එකට අදාල සියලුම උපකරණ සහ උපාංග මිලට ගන්න විට සැටලයිට් රිසිවරය ටියුන් කර දෙන ලෙස ඉල්ලා සිටින්න.එවිට ඔවුන් ඔබට එය ටියුන් කර දෙනු ඇත.දැන් ඔබට කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්.
සියලුම උපාංග සවි කර වයර් සම්බන්ධතාවයන් ලබාදුන් පසු සැටලයිට් රිසිවරයට සහ ඔබගේ රුපවාහිනී යන්ත්‍රයට විදුලිය සපයන්න.ඉන්පසු ඔබගේ රුපවාහිනිය AV Mode එකට යොමු කරන්න.සැටලයිට් රිසිවරයේ රිමෝට් එකෙන් එක චැනලයක් තෝරන්න.එවිට එම චැනලයේ නම රුපවාහිනී තිරයේ දිස්වනු ඇත.දැන් එක ආනතියකට ඇන්ටනාව තබා ඉතා සෙමින් නැගෙනහිර සිට දකුණට ඇන්ටනාව කරකවගෙන යන්න.මෙය මිලිමිටරයෙන් මිලිමිටරය ඉතා ඉවසිලිවන්තව සිදුකල යුතුයි.එසේ කරන විට එක අවස්ථාවක ඔබට රුපවාහිනී තිරයේ රුප දිස්වනු ඇත.එසේ රුප දිස් නොවුනේ නම් ආනතිය මිලිමිටරයක් වෙනස් කර නැවතත් නැගෙන හිර සිට දකුණට ඇන්ටනාව ඉතා සෙමින් කරකවන්න.මෙම ක්‍රියාවලිය දිගටම සිදු කරන විට එක් අවස්ථාවකදී රුප දිස් වනු ඇත.ඉන්පසු ඇන්ටනාවේ ආනතිය සහ කරකැවීම වෙනස් නොවන පරිදි ඇන තද කරන්න.දැන් ඔබට සැටලයිට් රිසිවරයේ රිමෝට් එකෙන් අවශ්‍ය චැනලය තෝරා නැරබිය හැක.
මෙම සැටලයිට් ඇන්ටනා සිස්ටම් එකේ සියලුම උපකරණ සහ උපාංග රු.8000 කට හෝ ඊටත් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. දිශාව සොයා ගැනීම සදහා කුඩා මාලිමාවක් යොදා ගන්න.මෙය පොත් සාප්පු වලින් මිලදී ගත හැක.


















